Skip to content

Lyrics

සිංහල
රන් රැස් කෙඳි දසත විදා අහස් ගඟේ මැද තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ.... වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා.... බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ.... බිනර මලී සිනාසුණා මතකයි යන්තම් මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම් නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම් සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්.... බිනර මලී එක්ක එන්න.../ ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට.... බිනර මලී එක්ක එන්න.../ පීරා පිට මැදට හෙලූ වරලේ රැල්‍ රැල් තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල් කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්.... බිනර මලී එක්ක එන්න.../ ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට.... බිනර මලී එක්ක එන්න.../ පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ.... බිනර මලී එක්ක එන්න.../

More by Rohitha Wijesooriya

View all songs by Rohitha Wijesooriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...