Skip to content

Lyrics

සිංහල
මගේ ගාවට හීන ගෙනල්ලා නුඹ ඈතට යන්න ගිහිල්ලා මැව් හීනය තුරුළු කරන් මා උන්නා නෙතු ගාවට කඳුළු ගෙනල්ලා තනි වෙන්නට දුරක ගිහිල්ලා මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා මම හිඳිමී සදා මග බලා කෝල ඇස් නුඹේ මගේ කියලා රෝස තොල්පෙති මත ලියලා පෙම් මාළිගාවේ අග රැජිනයි නුඹ සැමදා ජීවිතේම නුඹ රැකලා හාදු වැස්සේ නිදි කරවා දුර ඈත පේන තරු පොකුරේ ඔබ සඟවාලා මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ මැව් හීනය තුරුළු කරන් මා උන්නා රෑට සුපිපෙන මල් ගොතලා නීල දෙනුවන් සරසවලා ඔබ මාගේ පුන්සඳ තුරුලට වී හද සනසවනා තාම හදමල සනසවනා පාළු දිව රෑ එළිකරනා මුළු භවයෙන් භවයට නොමියෙන සේ පෙම පුද කරනා මා රැවටූ ආදරේ ඔබ මාගේ ජීවිතේ මැව් හීනය තුරුළු කරන් මා උන්නා මගේ ගාවට හීන ගෙනල්ලා නුඹ ඈතට යන්න ගිහිල්ලා මැව් හීනය තුරුළු කරන් මා උන්නා නෙතු ගාවට කඳුළු ගෙනල්ලා තනි වෙන්නට දුරක ගිහිල්ලා මැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවා පාළුවේ දුක දරා හැඬවූවත් මෙදා මම හිඳිමී සදා මග බලා මම හිඳිමී සදා මග බලා මම හිඳිමී සදා මග බලා මම හිඳිමී සදා මග බලා

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs