Skip to content

Lyrics

සිංහල
කරදිය සුළඟට සුසුමක් හැරදා මුර කුටියේ නිදි වැරුවද අයියන්ඩී හිත තුල තෙරපෙන සිතිවිලි පොදි බැඳ ගිනි අවියටදැයි කියන්නෙ ලං ලංවී මරණය අත වනනා යුධ දොරකඩ ළය දරඳඩු දැයි කියන්න සන්සුන් වී කඳවුර ළඟ දූවිලි සුළඟේවත් හසුනක් අමුනා එවපන් අයියන්ඩී නිදිමත ඉසිලූ දෑසට කඳුලැලි බර වැඩිදෝ සිතිවිලි ගොළුවුනු රෑකට ඝනදුර කළු වැඩිදෝ වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ පුපුරන විට ළඟ පාතක සිහිනය මියැදේදෝ කරදිය සුළඟට සුසුමක්.... කවි පද ලියැවුණු දෑතට ගිනි අවි බර වැඩිදෝ සීපද මිමිනූ රෑකට වෙඩි හඬ රළු වැඩිදෝ නිහඬව සුසුමක යා කල දුක සුළගෙක යාදෝ සිහිනය සුපිපෙන ඈතට දුර කොයි කොතරම් දෝ කරදිය සුළඟට සුසුමක්.... මරණය අත වනනා යුධ....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs