Skip to content

Lyrics

සිංහල
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ කදුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක් බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ ඉගිල්ලෙන්නද මං කිරිල්ළීයට වාගේ අම්මේ ඒ අහසේ සුළං කපොළු විදුලි අකුණු මන්දාරම් මේ විශ්වයේ රටාව තව නෑ දූ දන්නේ සිනා මල් ගොඩක් නෑ කඳුළු මල් ගොඩක් අහන්න ආසයි තුරුහිස කුරුළු ගී පිරේ අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුළු ගලයි ඒ ගී උල්පත ගැන නෑ මගේ දූ දන්නේ සිනා මල් ගොඩක් ....

More by Nirmala Ranathunga

View all songs by Nirmala Ranathunga →

Similar Songs