Skip to content

Lyrics

සිංහල
සඳු නිදාගන්න එපා අහසේ තරු මම ගණිනවා හිරු අවදිවන්නට එපා පිච්ච මල් මම නෙළනවා මුතු පින්න මගෙ ගතට වැටෙනවා සුසුම් වැල් මල් සුවදේ දැනෙනවා තරු එක්ක පිච්ච මල් පෙමින් බැදෙනවා ජීවිතේ හිමිදිරිය වාගෙ මට දැනෙනවා සඳු නිදියන්නට එපා ..... බටනලා හඩ දුරින් ඇසෙනවා පාළු පැල අදත් අත වනනවා පුංචි පුතු අවදි වී කිරි සිනා ඇසෙනවා පිච්ච මල් වට්ටියට කඳුළු පැන් වැටෙනවා සඳු නිදියන්නට එපා .....

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs