Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සප්ත කන්‍යා (1993) දූවිල්ලෙන් වත්සුණු තවරා කුමර කුමරියන්වී ලෙන්ගතු ඇසුරේ වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නාදුනනා කය මිස සිත නැති පුරවරයේ කවුරුන් හෝ තුරුළේ නිමේෂයක් කොඳුරාවි රහසින් ආගිය උන් හිටි තැන් සඟවා ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ කැදලි සදාවී මොනර කිරිල්ලි රැයිකින් රැයකට කුස පිරෙනා සඳ සෙවණැල්ලේ සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ වහස් බැලුම් සඟවා උකුසු ඇසක් ගෙන ගුරුලු වෙසක් ගෙන පියාඹා යාවී මොනර කිරිල්ලි සැඩ සුලඟේ.....මුල් ඉදිරී යන ගස මුදුනේ නූපන් දවසේ රන් කිරි කඳුලේ සිහින දකීවී මොනර කිරිල්ලි.....සිහින දකීවී.....මොනර කිරිල්ලි..... සිහින දකීවී......මොනර කිරිල්ලි......

More by Moris Wijesingha

View all songs by Moris Wijesingha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...