Skip to content

Lyrics

සිංහල
පොල්කිච්චි වාගේ සණ්ඩු කරන්නේ මොණරිය වාගේ ආඩම්බරයි ගිරවිය වාගේ නිතර දොඩන්නේ ආදර කූඩුවෙ රන් කිරිල්ලී මගේ දිය ඇල්ලක් වාගේකඩා පනිනවා ගඟුලැල්ලක් වාගේ සහනය දෙනවා මල් පොකුරක් වාගේ සිනහ නගනවා ගල් අහුරක් වාගේ තරහ පුරනවා හෙවනැල්ලක් වාගේ සනීප දෙනවා සුළි සුළඟක් වාගේ සිනහ නගනවා දින දෙක තුන ගානේ අහක බලනවා උන්හැටියෙම වාගේ ආයෙත් එනවා සිනහ නගන්නත් නිතරම ඈ මට ඕනේ අඬා වැටෙන්නත් නිතරම ඈ මට ඕනේ සණ්ඩු කරන්නත් නිතරම ඈ මට ඕනේ එහෙම නැතොත් ලෝකේ මම තනි වෙනවා

More by Mg Dhanushka

View all songs by Mg Dhanushka →

Similar Songs