Skip to content

Lyrics

සිංහල
පිබිද හිනැහෙන වන මලක් ලෙස ඈත දිදුලන තනි තරුව ලෙස වියලි පොලොවට වැහි බිඳක් ලෙස හදට නුඹ ළංවුනා රහසෙම.... රළුව කටුකව ගෙවෙන දිවියෙන් පලා විත් එක් නිමේෂයකට එකලු කරමින් අඳුරු හද ගැබ හිනැහුනා නුඹේ විඩාබර නෙත.... වැහිබිඳක් නැති වියලි කතරට ගැලූ සිහිලැල් නදිය නුඹමය ඈත සිඳුතෙර අහස් ඉම ළඟ දිලී නිවෙනා තරුව නුඹමය.... මේඝයක් සේ ඈත පාවෙන පිනිබිඳක් සේ හිරුට සැඟවෙන මේ සෙනේ දිය ගලනු හැකිවෙද ලෝකයේ රුදු නෙතින් මගහැර.... වේදනාවෙන් හඬා වැටෙනා හදට සැමදා සිසිල නුඹමය ගව් ගනන් දුර තනිවෙලා සිත අසයි නුඹේ හද ගැහෙන රාවය.... පිබිද හිනැහෙන......

More by Meena Prasadinee

View all songs by Meena Prasadinee →

Similar Songs