Skip to content

Lyrics

සිංහල
සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවා තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා කවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවා මැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණා නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා අඩු කුලයක ඉපදුණු මට ඔබෙ අත ලැබුණා සිටුවරු රජ වරු කුලවතු අප දෙස බලලා හිනැහෙයි අද අපහට උන් කුල මල ඇදලා එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා අත්වලු බැඳ මහ මග බැස යනු අප දෙදනා

More by Latha Dissanayake

View all songs by Latha Dissanayake →

Similar Songs