Skip to content

Lyrics

සිංහල
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් ඉරණම ලියැවී අප වෙන් කලදා දෙගුරුන් හමුවේ සිත නිහඬයි නුඹ මියැදෙන බව දැන දැන සිතකින් නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම් අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

More by Kasun Kalhara

View all songs by Kasun Kalhara →

Similar Songs