Skip to content

Lyrics

සිංහල
සෙනෙහස අහිමිව මිලාන වූ සිත සුවපත් කලේ ඔබයි කඳුලින් තෙත් වූ අවිහිංසක නෙත කඳුළැලි පිසුවේ ඔබයි සිනහව නැති කල මුවගට සිනාව තිලිණ කලේ ඔබයි අනාගතය ගැන සිතින් සිතන්නට සිත යොමු කලේ ඔබයි සඳමාලියේ සඳමාලියේ ආදර සඳමාලියේ මියෙන තුරාවට සසර පුරාවට මං ආදරෙයි ආදරෙයි පිවිතුරු සෙනෙහස නොලැබුනු මා හට සෙනෙහස පිදුවේ ඔබයි දරු සෙනෙහස ගැන අරුත කියා දුන් පින්බර මවත් ඔබයි දිවි මං පෙත මගේ සුවඳ කලාවු පිංබර කුසුම ඔබයි භවයෙන් භවයට සිත අද්දර ඇති නොමියෙන පැතුම ඔබයි සඳමාලියේ ....

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs