Skip to content

Lyrics

සිංහල
සමුගන්න අවසරද හිත හදා ගන්න දෙන්න මං නැතුව ඔබ තනියෙන් ඉන්න පුරුදු වෙන්න විරාමයක් නොව මේ ආදරයක අවසානේ පොරොන්දු කඩ කෙරුවේ ඇයි වැරදි කාර ලඳුනේ ජීවිතයට හරි අවදානම් සෙනෙහේ අපගේ ප්‍රේමය දැන් වළලා දමමු ඉතින් මතකේ කටු සටහන් සඟවා සමු ගමු දැන් ප්‍රේමයේ අනුහස් මැද වැදුනා වස් ආදරණීය හීනය තිස්සේ නොසැලී තිබිනි ජීවිතෙ නිසදැස් කතාවෙ පිටු පොත් මතකෙට විතරක් නොමියන චරිතෙක ජීවත් වේවී ජීවිතයට හරි අවදානම් සෙනෙහේ සුසුමට සුසුමක් හමුවන මොහොතක් ආත්ම ගානක් අපි වෙනුවෙන් බොහො පෙරුම් පුරාවී රිදුමට නටබුන් පපු ගැබ උහුලන් හුදෙකලාවේ තනි මංසලේ ආයෙත් ඉන්නට වේවී ජීවිතයට හරි අවදානම් සෙනෙහේ අපගේ ප්‍රේමය දැන් වළලා දමමු ඉතින් මතකේ කටු සටහන් සඟවා සමු ගමු දැන්

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs