Skip to content

Lyrics

සිංහල
සැක කරලා හිත මාගේ පොඩි දේටත් ඔබ පෙර දිනයේ සුල මුල හොයලා රණ්ඩු නොවී අපි විසඳගත්තා නම් ඔබ නැහැ වෙනතක යන්නේ තනිකරලා හදවත මාගේ දුරදිග හිතලා ඉවසීමෙන් අපි දිවිය ගෙව්වා නම් බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා වේගෙන් යලිත් එන්න මා වෙත සොයා........ සතුටින් ඉන්නවා දැකලා අපි දෙදෙනා දෙස පෙරදා බලන් ඉන්න බැරි හැමදෙනා කේලම් ඔබ හට කියලා හිත බිඳෙනා බොරු ගොතලා එපා කළ නමුත් ඔබට මා බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා තේරුම් ගියොත් මම නිදොස් බව ඔයා වේගෙන් එන්න යලිත් මා වෙත සොයා........ අලුතින් ඇති තැන ඔහු හා වරදින්නට ඉඩ නොතියා හොඳින් ජීවිතේ ඇතිතුරා ඉන්නට පතනෙමි හැමදා වැඩිකල් ඔබ දෙපලට මා අයිති නැති වුණත් ඔබ සදා බිඳුවක් කියන්න හිතලා රහසින්වත් එදා නපුරක් ඔබහට කරලා තිබුණාද හිතකින්වත් මා........ සැක කරලා.......

More by Jude Rogans

View all songs by Jude Rogans →

Similar Songs