Skip to content

Lyrics

සිංහල
(සිරිමා බෝ මුල විදුරාසන මත බෝසත් වැඩ වෙසෙනා පුරනා රැඟුමන් දිනනා නැටුමක මර දූවරු තිදෙනා මර දූවරු තිදෙනා... ) (රතී වයන්නී රංගා රඟන්නී තණ්හා ගී ගයතී... ) මෙතින් ලඳුන් වැනි ලඳුන් අසා නැත කිසි දිනයක දියතේ කිසි දිනයක දියතේ සිරිමා බෝ මුල.... (සවන සනහතී නයන පිනවතී ඉඟ සුඟ නලවාලා... ) මනස කළඹතී යන්නට සැරසෙතී රඟ දෙන මර දූලා රඟ දෙන මර දූලා සිරිමා බෝ මුල.... (සමාධි සම වැඩ බුදු පුන් සිදුහත් තවුසා වෙසෙනු පෙනේ... ) නුරා ලතාවට මර අඟනන්ගේ හිමි නැත වසඟ වුණේ හිමි නැත වසඟ වුණේ සිරිමා බෝ මුල....

More by Indrani Senaratne

View all songs by Indrani Senaratne →

Similar Songs