Skip to content

Lyrics

සිංහල
සයුර වෙත යන ගඟ පිරිද්දෙන් වියළි ගොඩබිම සැරිසරා රැගෙන මගෙ බර බිම තියන්නට වෙහෙස විඳ එමි ඔබ කරා රැය දවල් දෙක එකසෙ සලකා රිසි විටෙක එනු මැන පියේ අතු පැලෙහි දොර වසා තිබුණත් මගේ හදවත ඉඩ තියේ දෙපා ඔසවා මඪ ගෙවා ගෙන එද්දී සියෙළඟ සලිත වේ සිනාසෙනු මැන එවිට වෙහෙසද සමඟ ළය සෝ දුක නිවේ නුවන් දහසක් අතර මැදි වී හස නගන්නට බිය වෙමී පෙමින් තෙත්වුණු සුමුදු පියකරු හදවතින් මම හිනැහෙමි අයස හෝ යස ජය පරාජය අතර වෙනසක් ඇති නොවේ අහස ඔබෙහිය සඳය ඔබෙ වත තරුය ඔබෙ ඇස් මගෙ ලොවේ පිපී පියකරු දසුන් අපණ අනන්තයටම මෙ දියතේ ඔබේ හදවත තරම් ලස්සන හදවතක් මා දැක නැතේ

More by Indrani Senaratne

View all songs by Indrani Senaratne →

Similar Songs