Skip to content

Lyrics

සිංහල
ඔය දෑස දෙන්න ගම යනකොට ගෙදර අරන් යන්න ඔබේ සුසුම් දෙන්න ඉහ අද්දර සෙමෙන් තියාගන්න සරසවි නිවාඩුවට හෙට ගම් බලා දුවන්න ලිලී මල් මිටක් අරගෙන රේල්ලුවට එන්න...... මල් සුවඳ හාදුවක් තියලා සුනිල් වලාවක පා කර එවන්න මං තනි වූ ගං දොර අයිනට සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග...... ඔය දෑස දෙන්න..... සඳ රෑට ඇවිත් වැතිරෙන කිරි ඉද්ද පඳුර මත කොඳුරා කියන්න කවියක් රහසින් ඒ සඳ අත සිහිනයක් නොවී දැනේවි මට ඔබ ඉන්නා වග...... ඔය දෑස දෙන්න.....

More by Hemantha Wickramasinghe

View all songs by Hemantha Wickramasinghe →

Similar Songs