Skip to content

Lyrics

සිංහල
මේ ගංගාව නුඹ වගෙයි මං ගාව නොනවතී හන්තානේ හැපී හැපි නොදුටුවා වගේ ගලයි දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි මනමාලකම් නොවෙයි මං ඇත්තටම ආදරෙයි...... සංසාරේ හමු වෙලා අපි පැතුව ඒ පැතුම් ගං දෑල වැර හැපි නිම් නාද දෙනු බලන් මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්...... මේ ගංගාව..... එක දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි ගංගාව නුඹ වගෙයි මං කීවේ ඒ නිසයි මං ගාව නොනවතී නොදුටුවා වගේ ගියත් හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්...... මේ ගංගාව.....

More by Hemantha Wickramasinghe

View all songs by Hemantha Wickramasinghe →

Similar Songs