Skip to content

Lyrics

සිංහල
ටී විස්සයි විස්සේ කොයි කව්රුත් ගැස්සේ ජය ඝෝෂා අස්සේ sixer සැණකෙළියට යමු අපි දැන් සිත්සේ යෝකර් පෙළ ගැස්සේ ලෝකෙම දණ ගැස්සේ නෑ වංචා කෙරුවේ ක්‍රිකට් මහත්වරු කියලයි කව්රුත් දන්නේ සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... (සිංහ විසේ මේක තමයි... සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... ) ශ්‍රී ලංකා නාමේ වසයි පිටිය මැද්දේ රතු පාවඩ මත්තේ කුසලානය අරගෙන යන්න තමයි බැස්සේ ලකුණ ලකුණ පස්සේ හඹා යාවී සිත් සේ කෝපි බිබී රස්නේ ටීවි වටකරගෙන බලන්නටයි ඇත්තේ සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... (සිංහ විසේ මේක තමයි... සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... ) Score board එක පැත්තේ කලබල හැමතිස්සේ තුන් ඉරියව් ඔස්සේ දිනුමට ළංවෙන්නේ අපි sixer වැස්සේ කයිවාරු පස්සේ වැඩ පෙන්වමු ඉස්සේ නිසැකයි අවසානේ සිංහ ධජය ලෙළදෙයි වැහි පිට වැහි මැද්දේ සබකෝලේ නැති බෝලේ ඉහට උඩින් යවලා පැල් බැඳගෙන බැබලේවී සිංහ ගතිය පෙන්නා ඔය කෝලම් වැඩි සෙල්ලම් හරියන් නෑ ඒවා සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... (සිංහ විසේ මේක තමයි... සිංහ විසේ පෙන්වන්නට කාලේ තමයි... )

More by Funky Dirt

View all songs by Funky Dirt →

Similar Songs