Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: රම්‍යලතා (1956) මඟ බල බලා ඇතිය මගෙ සුදා සුකොමළ සිරියා ප්‍රේමෙන් සනසන්නටා අඳුරට පෙර යමි ලහි කරලා පිපි මල වගේ වුවන දිලිසෙනා ප්‍රේම සුගන්දේ දස අත විහිදා ඒ පෙම් කුසුමේ මධු රස උරනා බිඟු රජ ලෙස මම යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. මා ප්‍රේම රැජිනී මා දුටු විගසිනී ලැජ්ජාවේ සැඟවී ඉඟි බිඟි පාවී නාඹර දෙතොලේ පෙම් පැණි ඉතිරේ රොන් ගන්නට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා.. බැඳි සෙනහසේ ළදරු වයසෙදී වැඩුණි හදේ දින දින මෝරා ඒ සිරියාවී මාගෙ මනාලී දකිනට බිඟු ලෙස යමි පියඹා මඟ බල බලා ඇතිය මගෙ සුදා..

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs