Skip to content

Lyrics

සිංහල
අම්බරේ බලන්න පුන් සඳේ අම්බරේ බලන්න පුන් සඳේ මැදින්ම සුදු ලපේ පෙනේ රෝස මලේ නටුවෙ කටු කවුද නොදන්නේ ඇත්තමයි කියන්නෙ ඇත්තමයි ඇත්තමයි කියන්නෙ ඇත්තමයි දිවෙන් කියන්නෙ ඇත්තලූ කොහොඹ කොළේ පැණි ගෑවත් තිත්ත තිත්තලූ කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ පාවෙනා කළු වලාකුළේ පාවෙනා කළු වලාකුළේ රිදී ඉරක් ඇඳී බොලේ ගොහොරු මඩේ බමරු ඇදෙන පියුම් පිපෙන්නේ බිමවැටී බිඳිච්ච මුට්ටියේ බිමවැටී බිඳිච්ච මුට්ටියේ සෝදල කැළල නොයන්නේ විදුලි කොටා ගෙරෙව්වාට නැතිලු වහින්නේ

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs