Rathu Guru Pare – රතු ගුරු පාරේ
Lyrics
සිංහල~Rathu Guru Pare Hendeawe~Latha-Dammika Walpola~By: Sujeewa Munugoda~
රතු ගුරු පාරේ හැන්දෑවේ අක්කා නගෝ වාගේ
අතින'ත පටළා යමු අපි දෙදෙනා පුංචි දුවේ මාගේ
දෙනෝ දහක් ලොව සිටියත් කම් නැත
මට මව් හෙවන වගේ
බිහි වූ දා සිට අප ළං වී ඇත
හෙවනැළි දෙකක් වගේ
රන් දෝලාවක කුමරෙකු අත ගෙන
ඈත දුරක ඔබ යන දිනයේ
හිතා ගන්න බෑ කුමක් දැනේවිද හිතට මගේ එදිනේ
ගිය ද කොහේ මම ළඟ ය ඔබේ නිති
බෙදී බිඳී නොම යේ
යහළුවාට යෙහෙළියට මගේ ළග
ඔබ පමණයි ඉන්නේ
මහළු වියේ මා තනි වන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුවේ නුඹයි මට
එදාට මව් වන්නේ
මා ගත සුවඳයි ඔබ ගත සුවඳයි
කිසි වෙනසක් නැත්තේ
මමයි ඔබේ දුව ඔබයි මගේ මව
භවෙන් භවේ නිබඳේ
Similar Songs
Bonda Meedum – බොඳ මීදුම්
Abeywardhana Balasooriya
Duets
කල්පනා ලොව දේදුනු රන් පැහැය Artist: Abeywardhana Balasooriya, Suj...
Hichchi Nage – හිච්චි නගේ
Malkanthi Nandasiri
Duets
ගමේ කෝපි කඩේ කොහෝ කොහෝ Artist: Malkanthi Nandasiri, Sanath Nandas...
Awa Soya Adare – ආවා සොයා ආදරේ
Angelin Gunathilaka
Duets
ලෝකයේ වෙනස් උනේ බඹරා වගේ ඇත Artist: Angelin Gunathilaka, H.R.Joth...
Eka Mohothak – එක මොහොතක්
Amitha Wedisinghe
Duets
දෙදෙනා පෙරදා කතරක තනි වී Artist: Amitha Wedisinghe, Mervin Perera...
Hada Viman Dorin – හද විමන් දොරින්
Angelin Gunathilaka
Duets
ගෙදර හිටිය රෝසා හිස් ටින් එකක් Artist: Angelin Gunathilaka, H.R.J...
Oba ma athare – ඔබ මා අතරේ
Hasitha Gunarathne
Duets
මට සිහිනයක් වගේ සීතල පින්නේ Artist: Hasitha Gunarathne, Shirley W...