Skip to content

Lyrics

සිංහල
රඟන තාල මවා දෙපද ගීත ගයා මේ කියන්නේ මේ මොනාද තෝරා දෙන්නකෝ දෙපද වදන් යොදා ගයන ගීත අසා මේ කියන්නේ මේ මොනාද තෝරා දෙන්නකෝ රම්බ කිඳ රබන් කිකිඳ කියන්න කෝ මොනාද කණපිට ගහල කියන මේ පද පේලි රම්බ කිඳ රබන් කිකිඳ කියන්න කෝ මොනාද හොඳපිට හරවලා දැන් මේ රස පේලි ලිකිරි ලිකිරි ලිකිරි ටියා ගියට ළිඳාලු ටිකිරි ටිකිරි ටිකිරි ලියා ළිඳට ගියාලු වලි කඳරක වලි කඳරක ගොකර බයාලු ළිඳ වටකර ළිඳ වටකර කබරගොයාලු ටිකිරි ටිකිරි ටිකිරි ලියා ළිඳට ගියාලු ළිඳ වටකර ළිඳ වටකර කබරගොයාලු රම්බ කිඳ රබන් කිකිඳ... රඟන තාල මවා... රම්බ කිඳ රබන් කිකිඳ... පිම්බලමේ අනා අනා ලවන් නොගාවේ අම්බලමේ පිනා පිනා වලන් ගෙනාවේ පීක එදපි නොගා නොගා හිටත් මනාවේ ඒක බිඳපි ගොනා ගොනා මටත් හිනාවේ අම්බලමේ පිනා පිනා වලන් ගෙනාවේ ඒක බිඳපි ගොනා ගොනා මටත් හිනාවේ රම්බ කිඳ රබන් කිකිඳ... රඟන තාල මවා ගැයුව ගීත අසා මං කියූ දේ දැන් ඔයාලා තොරගත්තනේ කණපිට පද යොදා කිව්වේ ගීත හදා වැඩ කණපිට කළොත් එහෙම නෑ හරියන්නේ (රම්බ කිඳ රබන් කිකිඳ කණපිට හැරෙව්වාට තෝරන්නට ලේසි මේ පද පේලි රම්බ කිඳ රබන් කිකිඳ හොඳ පිට තමයිනේ හොඳ අමතක කරන්නෙපා මේ රස පේලි... )

More by Chandani Hettiarachchi

View all songs by Chandani Hettiarachchi →

Similar Songs