Skip to content

Lyrics

සිංහල
මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා පාන්දරම ගෙදරින් පිට වෙන තාත්තා අඳුරත් අරන් ආපහු ගෙට එන තාත්තා කෑවේ බත්පතත් අපි කෑවද අහලා කොහොමද වින්දේ ඔච්චර දුක් ඔබ උහුලා නොඑනා ගමන් මගේ කර උඩ ඔබ යද්දී දෙපයත් වෙව්ලුවා තාත්තේ මගේ මගදී ඇස් දෙක රිදෙනවා හඬලම ඔබ සිහි වී අම්මා වගේ මතු බුදු වෙයි ඔබ සසරේ අන්තිම පස් පිඬත් ඔබේ සොහොනට දාලා කොහොමද ගෙදර යන්නේ ආපහු හැරිලා තිස්තුන් කෝටියක් දෙවියොත් දුක දැකලා අහසත් ගොරවලා මහ හයියෙන් හැඬුවා මුල්ම අඩිය තියන්න අත දුන් තාත්තා අපා දුක විඳලා අප හැදූ වැඩූ තාත්තා හැම දුකක්ම හංගා හිනැහුණු තාත්තා හැබැහින් දැකපු දෙවියෙක් මට මගේ තාත්තා /

More by Buddhika Solanga Arachchi

View all songs by Buddhika Solanga Arachchi →

Similar Songs