Skip to content

Lyrics

සිංහල
(බිසව මගේ බිසව මගේ අග බිසව බිසව මගේ රැජිණ මෙහි එනු මැනව.... ) තරහින් ඇයි ඔය අහක බලා ඉන්නේ මාගේ හෘදේ තලා බිසව මගේ බිසව මගේ අග බිසව.... අන්තක්පුරයේ සුව දුක් විමසන්නට ගිය බව ඇත්තයි දහසක් අඟනුන් සමගින් කෙළි සෙල්ලම් කළ බව ඇත්තයි කවුරුන් හිටියත් ඔබ නැත්තම් මගේ ජීවිතේ හරි තිත්තයි රජකමටත් වැඩියෙන් මගේ බිසවට ආදරේ බව සත්තයි...... අන්තක්පුරවර හෙට සිට විසුරාලන්නට අණ දෙන්නම් ඇතෙක් බරට වස්තුව රන් මිනි මුතු අබරණ පළඳන්නම් මනරම් මල් මත මාළිගා තනවා ඔබ එහි හිඳුවන්නම් ආදරයෙන් මගේ බිසව බලාගෙන සැමදා ළඟ ඉන්නම්...... (බිසව මගේ බිසව මගේ අග බිසව බිසව මගේ රැජිණ වටහා ගනු මැනව.... ) දැන්වත් එන්නකෝ සිහිනිඟ නලවා ආදරේ කියන්න හෙමිහිට කොඳුරා බිසව මගේ බිසව මගේ අග බිසව බිසව මගේ රැජිණ මගේ අග බිසව බිසව මගේ රැජිණ මගේ අග බිසව.....

More by B Positive

View all songs by B Positive →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...