Skip to content

Lyrics

සිංහල
විසිරුණු මල්පෙති දෝතට ගත් කුමරි ඒ පෙති එක් කර මලක් සොයන බොලඳී.. සරදම් නොකරමි ආදරයෙන් කියමී විසිරුණු පෙති යලි මලක් නොවෙයි නැගණී.. වෙරළ සොයා රළ පෙළ දිව ආවත් වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ බඳට පියාපත් යුවලක් ලැබුනත් අහස දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ.. විසිරුණු මල්පෙති... / බඹරුන් පසුපස මල් දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින් නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ.. විසිරුණු මල්පෙති... /

More by Athula Adikari

View all songs by Athula Adikari →

Similar Songs