Skip to content

Lyrics

සිංහල
සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්නේ ... සාධු දළදා සමිඳු පුදන්නට මේ වරත් අපි නුවර යමු සාමයේ මල් රටට පිපෙන්නට දළදා සමිඳුට බාර වෙමු සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්නේ පෝය දාට දළදා සුදු බුදු රැස්‌ රට වට හත් වටයක්‌ යන්නේ එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට මුතු කැට වාගේ බබළන්නේ සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්නේ ලක්දිව රක්නා සම්දිටු දවියන් පෙරහැර කාලෙට රැස්වෙන්නේ කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි එසබේ මුලසුන හොබ වන්නේ සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්නේ

More by Amitha Wadisinghe

View all songs by Amitha Wadisinghe →

Similar Songs