Skip to content

Lyrics

සිංහල
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඈඳා පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... පිට රට සිරිතට අද දිව දික් කරනා අද සිංහල කළු සුද්දා කන්නට අඳින්ට පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... හිරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා... පිට රට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා පිට දීප දේශ ජයගත්තා... ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...

More by Wasantha Sandanayaka

View all songs by Wasantha Sandanayaka →

Similar Songs