Skip to content

Lyrics

සිංහල
නුරා කැලුම් දෑසේ වරලස මල් ගැවසේ තිසරු ලමැද සරසන්නේ මගේ දෙවුදූ මල් රේණු වැස්සේ රොන් උරන අස්සේ ඇසින් ඇස හමුවන්නේ මගේ දෙවුදූ වලාකුල් ඉරා සඳ පායලා දේදුන්න වාගේ යාවෙලා ඇහැරෙන්නෙපා සිප ගත්තා සඳ සඳ වෙලා අත ගත්තා ආදර කොදෙව්වේ අපි එකම රෑනේ අත්වැල් බඳින්නේ ආදරේ නිම් නැති ඉසව්වේ පියඹන්න ඕනේ අපි ඉන්න හීනේ ආදරේ මිතුරනි මගේ ඉරහඳ වගේ කවුරුන්ද දුන්නේ ආදරේ ඇහැරෙන්නෙපා සිප ගත්තා සඳ සඳ වෙලා අත ගත්තා එක ඉත්තෙ පිපුනේ එක පොකුරෙ හැදුනේ එක මලයි තිබුනේ රොන් සැලී විහඟ කුමරාගේ හිත රිදෙනවානේ අපි ඉන්නෙ ඉඩදී ආදරේ මිතුරනි මගේ ඉරහඳ වගේ කවුරුන්ද දුන්නේ ආදරේ (ඇහැරෙන්නෙපා සිප ගත්තා සඳ සඳ වෙලා අත ගත්තා... )

More by Various

View all songs by Various →

Similar Songs