Skip to content

Lyrics

සිංහල
ඉඟි බිඟි පානා ඇස් මා හා අද රහසින් කී කතා නොසිතු සේ මා ඈ සේයාරුව මා හා යා කළා මගේ ආශා එයම වීලා මගේ ලෝකේ ඈ වුණා පණ සේ රැකගන්නම් දිවි තුරා හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන් පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ....... දේදුන්න වාගේ පායනා ආකාසයේ සුරඟනක් ඇවිදින් මගේ සොයාගෙන ආදරේ හිත හොරාගත්තා රහසින්ම මේ යාමයේ පෙරළා ආරාධනා පාලා සිනා මගේ ආශා එයම වීලා මගේ ලෝකේ ඈ වුණා පණ සේ රැකගන්නම් දිවි තුරා හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන් පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ....... ආදරෙයි කියලා හිස මගේ මුවට ළං කළා හංඟාන සිතේ රහස් අද නොකියා බැරි වුණා මා ඔබෙයි හැමදා වෙන ලොවක් මට නෑ කියා පවසා ඈ මගේ ළඟ හුරතල් වුණා මගේ ආශා එයම වීලා මගේ ලෝකේ ඈ වුණා පණ සේ රැකගන්නම් දිවි තුරා....... ඉඟි බිඟි පානා.....

More by Trishan Peiris

View all songs by Trishan Peiris →

Similar Songs