Skip to content

Lyrics

සිංහල
සේද නීල අහස යට මං තනිවෙලා හිත ගාව ඇඳෙන මිහිරි මතක අමතක වෙලා මාවතේ තනිකමින් සිත පියමන් කළා සෑමදේ හට රිදුණු සිත මන්මත් වෙලා හැමදාක වාගේ නුහුරු මුහුණු මා කරා ළංවෙලා කිසිදාක නොදුටු සොඳුරු දෙනෙත මා සොයා පියඹලා අරුමේ නුඹ හීනේ ගෙවෙනා දිවියේ....... සිහිසුන්ව සිහිනේ මං සැතපිලා වින්දා වෙරා මේ ජීවිතේ අරඹන්න ආසයි නව දිවිය මා මෙසේ ඉන්න බෑ තනිකමේ කල්පනා සයුරේ කිමිදිලා සොයමි මා (වෙලීලා ඉන්න රූ කවුදෝ කියා...... ) සේද නීල අහස යට මං තනිවෙලා හිත ගාව ඇඳෙන මිහිරි මතක අමතක වෙලා කොයි දෙසින් ආවදෝ ඇගේ හුරතල් හිනා සංසිඳේ ඈ හොඳින් මට කුළුඳුල් හිනා හැමදාක වාගේ නුහුරු මුහුණු මා කරා ළංවෙලා කිසිදාක නොදුටු සොඳුරු දෙනෙත මා සොයා පියඹලා අරුමේ නුඹ හීනේ ගෙවෙනා දිවියේ.......

More by Thisija Uthpala

View all songs by Thisija Uthpala →

Similar Songs