Skip to content

Lyrics

සිංහල
ජීවිතේ හොඳම කාර්තුවේ මං ඉන්නෙ දැන් දිගම තප්පරේ මල්ළියකම් කර ඔපදැමූ ආදරේ ඔබමයි හැඩිකලේ රැඩිකල් පත්තිනී ගොලු මුහුදේ මළබැදි රසයෙන් නැව්බද දිරුවේ නුඹගේ ජපයෙන් වාලුක කතරේ රලු බිම් පත්ලේ දිය හැංගූයේ නුඹගේ බලයෙන් හදවත ගලවලා ගින්නෙහි අවුලලා එය දැක හිනහුනා රැඩිකල් පත්තිනී අටවක අහසේ සඳ වහගන්නට මේ කුලු එව්වේ නුඹගේ හුස්මෙන් හදවත කලුවී කඩතොලු වෙන්නට මට දුම් එව්වේ නුඹගේ දෙතොලින් පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ වස කවලම් කලේ රැඩිකල් පත්තිනී මල්ළියකම් කර ඔපදැමූ ආදරේ ඔබමයි හැඩිකලේ රැඩිකල් පත්තිනී

More by Tharindu Damsara

View all songs by Tharindu Damsara →

Similar Songs