Skip to content

Lyrics

සිංහල
පැතුමක් තියා නෙතු ළඟ හීන රඳවලා වෙනතක් පැතූ ඔබ ගැන හිඳිමි මග බලා දෛවයේ සරදමින් දුරකට වෙලා පෙම් කළත් නෑ ඔබ කෙරෙන් අහිතක් පතා ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ...... (නෙතට නිදි නෑ හිත ගාව රුව මැවෙනවා සතුට හිමි නෑ නුඹ ගාව මා හඬනවා... ) හිනැහුණු තරම් පෙරදා හිත දන්නවා හැමටත් වඩා මැණික මට නුඹ වටිනවා ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ...... (මතක ළඟ මා හැමදාම ඔබ සොයනවා ළඟක ඔබ නෑ දැකගන්න දින ගනිනවා.... ) යන තැනක සැනසෙන්න සුභ පතනවා අඳුර අද මා ළඟ දැවටී තනි රකිනවා ඔබ සොයා ආයෙමත් කිසි දිනේ එන්නේ නෑ ඔබ මගේ පණ වුණත් යළි සමා දෙන්නේ නෑ...... පැතුමක් තියා......

More by Suresh Wickramasooriya

View all songs by Suresh Wickramasooriya →

Similar Songs