Skip to content

Lyrics

සිංහල
කෝකිලයන්ගේ කෝකිල නාදේ.... හීන හඬින් හීන වගේ එයි නැගී ජාති ජාති මලින් සුවඳ උරා බී වටින් පිටින් සිසිල් සුළං හමන්නේ සාමදාන සැඳැ සොබා ඇදෙන්නේ අන්න අන්න ඉරත් මූදේ ගිලෙන්නේ මගේ කුමාරි යාල තොටිල්ලේ පැදෙමු නිදැල්ලේ (කෝකිලයන්ගේ කෝකිල නාදේ.... ) හීන හඬින් හීන වගේ එයි නැගී...... සුදෝසුදෝ අන්න සඳත් එබෙන්නේ සාධු සාධු ඔබේ දෙසයි බලන්නේ එපා එපා සඳේ නිකන් තැවෙන්නේ ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව්ලියෝ අපේ පෙම් බලා ගීත ගයන්නෝ (කෝකිලයන්ගේ කෝකිල නාදේ.... ) හීන හඬින් හීන වගේ එයි නැගී..... සමන් මලක් නෙලා මගේ බිසෝගේ හිසේ ගසා අන්න මගේ විනෝදේ එන්න අනේ එන්න මගේ කුමාරි සාධු කියා හාදු දෙකක් දෙන්සිරි මගේ කිරිල්ලී හනේ සුමිහිරි ගයන් අමා ගී (කෝකිලයන්ගේ කෝකිල නාදේ.... ) හීන හඬින් හීන වගේ එයි නැගී..... බෝම ඇතත් සුදෝ මැණික් සාගරේ ඔබයි මගේ මැණික මගේ ආදරේ ඉතින් එපා සැකක් මගේ සුන්දරී මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරී මගේ අශෝකා මගේ විශාකා මගේ මල්ලිකා (කෝකිලයන්ගේ කෝකිල නාදේ.... ) (හීන හඬින් හීන වගේ එයි නැගී... )

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs