Skip to content

Lyrics

සිංහල
සුවඳ රෝස මල් නෙලා මාලයක් ගොතාලා මගේ කොමල සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ... එන්න සුදෝ එන්න අනේ එන්න මා වෙතේ එන්න මගේ සුරත ගන්න පෙම් දමින් වෙලා පෙමෙහි මිහිර විඳ අපි දිවිය ගෙවමුදෝ එලොවැ මෙලොවැ සියළු සැපට ඔබමැ කරුණු වේ සුවඳ රෝස මල්.../ ගිරා හඬත් කොහෝ හඬත් කෝකිල නාදේ සමග රැගෙන මැවුණු රිදී හඬක් මෙන් අගේ සොඳුර නුඹගෙ කට හඬේ ලලිත සුමිහිරී එන්න අනේ මා නලවා යන්න පියබඳේ සුවඳ රෝස මල්.../

More by Sunil Santha

View all songs by Sunil Santha →

Similar Songs