Skip to content

Lyrics

සිංහල
නැතිවුණු ආදරයක් වෙනුවෙන් හෙලන සුසුම් අන් හදක වැදී පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි..... සිතින් පලා ගිය එක් ආදරයක් දිහා කඳුළු පිරි නෙතින් බලා ඉන්නා අතරේ තව ආදරයක් නෙත හදවත් දොර විවිර කළා සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි..... ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ පාළු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ සුදෝ මම ආදරෙයි - සුදෝ මම ආදරෙයි.... සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි සෙනෙහස අයදින මේ ආදරයයි කොහොම කෙලෙස තුරුලට ගම්දෝ ඔබට මම ආදරෙයි ඔබටත් ආදරෙයි ඔබට මම ආදරෙයි....

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs