Skip to content

Lyrics

සිංහල
මා ඔබේ සකුන්තලා - මා ඔබේ නිසංසලා පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ මා ඔබේ සකුන්තලා හද මංජුසාව දෙදරා - නූපන් සෙනේ මුලා වී පිටුපෑව ආල කුමරෝ - පිටුපෑව ආල කුමරෝ හමුවෙන්න මතු භවේදී මේ අනෝම ආදරේ - මේ අනාත මංසලේ පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ මා ඔබේ සකුන්තලා මද අන්ධකාරේ ක්ෂිතිජේ - යාත්‍රා රුවල් බිදෙන්නේ එකදාම එකම සොහොනේ- සැතපෙන්න මා පතන්නේ මා ඔබෙන් උපන්නෙමී - මා ඔබෙන් මියෙන්නෙමී පෙම් මන්දිරේ පුරා - ඔබ කී කතා ඇසේ මා ඔබේ සකුන්තලා

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs