Skip to content

Lyrics

සිංහල
(හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්... ) අහස උසට විහිදී ඇති - වතුකරයේ තේ නිල්ලේ බට කූඩය පිට බැඳගෙන - විය රඳවා තේ දල්ලේ මිහිදුම් සළු පීරාගෙන - සේවය කර කඳුලැල්ලේ අතට ලැබෙන දෙයින් ගෙනෙමි - පුතාට කිරි රස ලොල්ලේ පුතාට කිරි රස ලොල්ලේ (හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්... ) පුතේ නුඹේ ලොකු අම්මා - අතේ වළල්ලක් දැම්මා කුසේ නැගෙන ගිනි නිම්මා - නිවා දමයි නුඹෙ අම්මා පියා නොමැති මගෙ පුතුගේ - කුස ගින්දර නිවාලන්න හැම දෙවියෝ පිහිට වෙයන් - හැන්දෑවට ගෙදර යන්න හැන්දෑවට ගෙදර යන්න (හිරු ගෙනවිල්ලා පුතු ළඟ තනියට තියලා උදේ රැයින් පිටවීලා - හවසට එන්නම්... )

More by Srimathi Thilakarathne

View all songs by Srimathi Thilakarathne →

Similar Songs