Skip to content

Lyrics

සිංහල
රුවට රුවක් ඇත - එහෙම රුවක් නැත ඇයගේ ලස්සන රුව වගේ හිතට හිතක් ඇත - එහෙම හිතක් නැත ඇයගේ පෙම්බර හිත වාගේ මවට මවක් ඇත - මෙහෙම මවක් නැත අප සුරකින ලක් මව වාගේ රටට රටක් ඇත - එහෙම රටක් නැත අප ජීවත් වන රට වාගේ හිම කඳු සහ ගිනි කඳු නැහැ ලංකාවේ භූමි චලන ගැන කවදත් නෑ අැසුවේ නෙත් පිනවන සුව ගෙන දෙන ලස්සන හැම පැත්තේ පූරුවෙ පිනටයි අප මෙහි ඉපදී ඇත්තේ රටින් යුධ බිය - රෝ බිය ගව් ගණනක් දුරය උඩරට කඳු අතර මැවේ සුරපුරය ලංකාවට සම කළ හැකි තවත් රටක් අැද්ද රට ගැන කැක්කුමක් ඔබට තවමත් නැද්ද

More by Shiromi Fernando

View all songs by Shiromi Fernando →

Similar Songs