Skip to content

Lyrics

සිංහල
මිලාන මලකි බඹරුනි මා මා මිලාන මලකි නමුදු බඹර ඔබෙ පහසින් නැවතත් විකසිත විය හැකි වේ මිලාන බව ඔබ දනිමිය කුසුමේ පිබිදෙනු පෙති විදහා යළි නැවතත් පර නොවනා විලසින් සුරකිමි ඔබ සැමදා මලින් මලට යන අන් බඹරුන් ලෙස නොයමිය කුසුමේ - මා ඔබ තනි කොට වෙන මල් වෙත පියඹා ලොව අන් සැම මල් පතනා විලසින් දුටු අන් බඹරුන් වෙත රොන් නොපුදා සිටිනෙමි ඔබව පතා පෙම් ලොව අබිසෙස් ලද පෙම් කුමරිය මා හද සනසා පිබිදෙනු මැන යළි දසත සුවඳ පතුරා මා හද විකසිත කළ පෙම් බඹරුනි රැජිණිය වෙමි ඔබෙ - පෙම් ලොව තුළ යළි මා දිවි තිබෙන තුරා

More by Shelton Perera

View all songs by Shelton Perera →

Similar Songs