Skip to content

Lyrics

සිංහල
Nalala Wiyalawa නළල වියලවා විගසින් තිලකයක් තියා අළුතින් දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත් තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී දිලිහෙනව රාජිනී දිලිහෙනව රාජිනී දෙවොල් මළුවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන සීනු හඬට කන් දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින් මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී නොවේද රාජිනී නොවේද රාජිනී මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින් බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත් නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී නැහැනේ රාජිනී නැහැනේ රාජිනී

More by Senanayaka Weraliyadda

View all songs by Senanayaka Weraliyadda →

Similar Songs