Skip to content

Lyrics

සිංහල
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ නාඩා නිදා ගන්න නංගී මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ නාඩා නිදා ගන්න දෝණි දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත් මදිවී දො මාගේ සෙනෙහේ හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ තනිවූ වලාවක් පාවීය අහසේ අසමින් තෙපුල් මව් සෙනෙහේ දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින් සැනසූ විඩාවූ නිමේශේ සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ දැල්වූ පහන් ඔබේ සෙනෙහේ හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින් පදවා රුවල් අහිමි නෞකා දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ සඳ ආයේ පායන්නේ කවදා වියලී දෙපාවන් තෙමනා දයාවෙන් වස්සන්න ඈ රුවට වර්ෂා (හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ)...

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs