Skip to content

Lyrics

සිංහල
(ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොළු බිඳ දමා චණ්ඩ සුලි සුළං හමාලා ගිනියම් කළා...... ) (මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන....... ) මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි බිඳලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි (නෑ සැලෙන්නේ..... බිය නෑ සිත කොණකවත්..... ) රැකගන්න මගේ පෙම්බරා ඇත මා සිත අවි දරා...... (ප්‍රේමායුධ...... ) යන්තර මන්තර ගුප්ත කතන්දර කේන්දරේ පටලා මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර පැලුවා ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෛරයේ ගිනි මොලවා කරන්නේ මොනවද මිිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා....... ප්‍රේමණීය ප්‍රේම....... (ප්‍රේමායුධ...... ) (ප්‍රේමායුධ...... )

More by Olu Wasanthi

View all songs by Olu Wasanthi →

Similar Songs