Skip to content

Lyrics

සිංහල
කඳුළු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා ඔබ පෙරදා ආදරෙයි කියා තව දුර ඈතක යන්න ගියා මාව හැරයන්න ආයේ ළඟ ඉන්න හීනෙකින්වත් එපා මට යළි මාව සනසන්න හීන ගලපන්න ජීවිතේ ඕනේ නෑ.... රැය පුරා හැඬුව ආදරේ තරම තව ඔයා දන්නේ නෑ හිත පුරා ඔයා දුන් රිදුම් තවත් අමතක වෙන්නේ නෑ මා ගයන මේ දුක් ගීතයේ පද ලියවුණේ හිතකින් නොවේ එනමුදු මගෙන් හැරයන මැනේ සතුටින් ඔයා හිනැහෙනු අතේ... කඳුළු දවා හිත රිදවා සිහිනෙක මා දවටා හැරදා ඔබ පෙරදා ආදරෙයි කියා තව දුර ඈතක යන්න ගියා... ඔබ ගියත් දුරට මා දමා වෙනත මග බලා ඉන්නවා හිත කියයි තවම දුක් වෙලා මන්ද ඇය නොවෙයි ආදරේ හීනෙන් ඇවිත් ළං වනු අනේ මගේ මතකයෙන් සමු දෙනු මැනේ තරහක් හිතේ නෑ හදවතේ ඔබ ගිය තැනින් මා නැවතුනේ... කඳුළු දවා...

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs