Skip to content

Lyrics

සිංහල
රිංගා හොරෙන් ඇය දැකගන්නයි ආවේ තාමත් තද නින්දේදෝ මන්දා ඉතින් මේ අකැමත්ත මාමේ ඇය අත මට දෙන්නකෝ හැංගී නෙතින් මට කියනා කතාවේ තේරුම නොදැනෙන්නේදෝ නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන් නුඹ කරකාරේ මම ගන්නවා කවදාවත් පරදින් නෑ මේ ආදරේ මම හැමදාම ළඟ ඉන්නවා.... ගොම්මන් වෙලාවේ වැස්සේ මුවාවේ මට ආදරේ කිව් නිසා වෙනදාට වාගේ දැකගන්න බෑනේ ඇය කූඩුවේ සිර වෙලා නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන් නුඹ කරකාරේ මම ගන්නවා කවදාවත් පරදින් නෑ මේ ආදරේ මම හැමදාම ළඟ ඉන්නවා.... රන් මාලා දාලා සරසන්න ඕනා හැම දේ මටත් තියෙනවා දුක් කඳුළු නිවලා සනසන්න ඕනා සෙනෙහේ මමත් දන්නවා නාඬා නුඹ නාඬා මගේ ළඟට වෙයන් නුඹ කරකාරේ මම ගන්නවා කවදාවත් පරදින් නෑ මේ ආදරේ මම හැමදාම ළඟ ඉන්නවා.... රිංගා හොරෙන්...

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs