Skip to content

Lyrics

සිංහල
හිතට හොරා නුඹ ගැන ආදරය මවා නෙතට හොරා නෙතු කඳුළින් තෙමී ගියා මටත් වඩා මම නම් ආදරේ කළා ඒත් ඉතින් මා තනිකර නුඹත් ගියා ළයේ හිස හොවා පෙරදා ගෙවූ කාලය මගේ ළඟ ඔයා දිවුරා දුන්නු හීනය මිරිඟු දිය සොයා දිව ගිය මුවැත්තිය ලෙස අතරමං වුනා මා අද සිහින කතරක කාත් කවුරුවත් නැති ජීවිතයේ සතුට ගෙන තියා නුඹමයි මසිත සැනසුවේ තවත් කෙනෙක් නෑ මට දුක කියන්න මෙලොවේ මගෙන් උන වරද මා හට කියන්න සුහදේ

More by Nanda Pathirana

View all songs by Nanda Pathirana →

Similar Songs