Skip to content

Lyrics

සිංහල
බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා (රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා...... ) මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලේ තවමත් මට සිහිවෙනවා ළිඳ ළඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තෙ යනවා....... පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම උඹවත් වටහල දීපන්..... උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උඹෙ වටිනකම වැඩිවෙනවා උඹයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ ඒ ගැන මම දිවුරනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා....... බැරි බර කරේ තියන්.......

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...