Skip to content

Lyrics

සිංහල
තේරෙනා දවසක මේ ආදරේ ගැන දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත පාරනා මතකය මුළු ජීවිතේටම නැවතුනත් මා ළඟ අපගේ නොවේ අප හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ (පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම් පෙමට නැතත් නැවතීමක් තීරණේ ඔබේ පිළිගන්නම්... ) යන්න ඕනේම නම් දුර මා කෙරෙන් නොවේ කවදාකවත් බාධා මගෙන් මොනව ලැබගන්ද මං නවතා බලෙන් පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන් හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ පණට නමක් දෙනවා නම්... සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන් කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන් ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන් අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන් හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ පණට නමක් දෙනවා නම්...

More by Manej Sanjaya

View all songs by Manej Sanjaya →

Similar Songs