Skip to content

Lyrics

සිංහල
කවියක් ලෙසින් හිත ලඟ පද මුමුණන පැතුමක් ලෙසින් ඇවිදින් හිත සනසනා සුළඟක් ලෙසින් සිතිවිලි හිත පුරවනා නුඹමයි සොයා ආවේ යුග යුග පුරා කල්ප ගණනක් ලෙසින් දැනුනා නුඹ නොදුටු ඒ නිමේශයේ සසර මියෙනා තුරුම පණ සේ සෙනෙහසින් තියූ ආදරින් දුටුව දින ඒ හසරැල් හිත කිති කවා සිහිවේවි ආදරෙන් මගෙ මැයි කියා හිත ගාව ස්නේහයෙන් කවියක් ලියා නොසිතු ලෙස ඇයි රත්තරනේ විරසක වෙලා දුටුව දිනයේ සොඳුරු හසරැල් කවියක් ලෙසින් සිත රැඳුනේ සිතුවේම නෑ දුරකින් තියා නුඹ සිතින් හඬනවා කියා නුඹ පතන ලෝකයේ දුරකින් ඉඳන් නුඹ සොයන මාවතේ අත්වැල වෙන්නම් වෛරයක් නෑ කිසි දවසේ ආදරේ නිසා සසර තනිවී හිඳින්නම් නුඹ ගැන සිතා කඳුළු පුරවා හිනාවෙන මගෙ සොඳුරු සිත් ඇත්තියේ දුරින් සිටියත් ලඟින් ඉන්නම් නුඹමයි මගෙ ජීවිතේ

More by Mahesh Madhushanka

View all songs by Mahesh Madhushanka →

Similar Songs