Skip to content

Lyrics

සිංහල
නෙතු අග රැඳි කඳුළු අරන් නුඹවම හිත හොයන තරම් නුඹේ මතකය මනසේ තියන් තවමත් මග බලනවි මං නුඹේ සුවඳට හිත දුවමින් නුඹ පසු පස දුවන තරමි වෙනසක් නෑ ආදරේ නම් ඉස්සර වාගෙයි තාමත්...... කඳුළු තියා මගේ ලෝකේ සිනහා සෙව් ආදරයේ කඳුළු වලින් බොඳ වන්නේ අහිමි හීන මාළිගයේ තවමත් ඔබ දුර නැහැනේ දැවටෙන්නට මගේ හීනේ හිත තවමත් ලතැ වෙන්නේ ළඟ ඉන්නට ඔබේ තුරුලේ..... නෙතු අග රැඳි..... රෑ අහසට සඳ ඇවිදින් තනි මැකුවත් ආකාසේ අමාවකයි මගේ ලෝකේ පායාවීද සඳ ආයේ මැව් හීන පෙර දිනයේ කඳුලින් විකසිත වන්නේ එන්න සොයා සුරඟිනියේ මා තවමත් ලතැවිල්ලේ..... නෙතු අග රැඳි.....

More by Lakith Shyaman

View all songs by Lakith Shyaman →

Similar Songs