Skip to content

Lyrics

සිංහල
වටින් පිටින් ඇනුම් පදත් අහලා කෙල්ල නටයි ඇගේ බඳ නලවාලා මහ රෑ සැණකෙළියක් අස්සේ සෙනඟ මැද්දේ මට හීන මැවෙන්නේ යමු යමු කෙල්ලේ අත් බැඳගෙන වෙරළේ ඉර බහින වෙලේ නුඹේ තොල් ඉම්බ සැරේ හිරිගඩු පිපුණා මුළු ඇගේම මගේ සුසිනිඳු ඔබේ කන්පෙති වල තෝඩු දිලේ අඩියෙන් අඩියට හෙමින් සැරේ නුඹේ පා සළඹ සැලේ බඳ දෙපසට නැළවේ දැක්කත් මට සුරලොවක් මැවේ සූත්තරකාරි මාව අතරමං කළා එක නෙතක් වසා ඇගේ තොල හැපුවා ළඟට ළං වෙලා රහසක් කිව්වා නැට්ටුක්කාරි මා මත් වෙලා (මාගේ ඇස් මටවත් කීකරු නැතුවා බලාන ඉඳලා නටන දිහා සෙල්ලකාරෙට අඩි තියන්නා නැට්ටුකාරිට වහ වැටුණා..... ) විඳින දුකක් හිතේ තියාගෙන යන්න ගියා මගේ නින්ද හොරාගෙන හෙමිහිට නලවනවා බොහෝ අන්න දෙවියන් හොයනවා සුරංගනාවී කෝ අහිංසකයි හුරුබුහුටියි ලස්සනයි නැට්ටුක්කාරි ඇඳගෙන සාරි නටනවා නාරි අහගෙන ඉරාජ්ගේ හිතුවක්කාරි ඔයා සුරංඟනක්ද නැතිනම් මේක හීනයක්ද ඇගේ හිත මට මිරිඟුවක්ද සිහියක් නෑ මම අතරමං වෙලා ඔච්චර ලස්සන වෙන එක නීතියෙන් තහනම් නේද ලස්සනට බද්දක් ගැහුවොත් ලක්ෂ ගණන් ගෙවන්න වෙයි නේද..... (මාගේ ඇස් මටවත් කීකරු නැතුවා බලාන ඉඳලා නටන දිහා සෙල්ලකාරෙට අඩි තියන්නා නැට්ටුකාරිට වහ වැටුණා..... ) (නැට්ටුකාරිට වහ වැටුණා..... )

More by Kaizer Kaiz

View all songs by Kaizer Kaiz →

Similar Songs